- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo1

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

 

- කඩුගොඩ කනිෂ්ඨ විද්‍යාලය -

kadugodakv

 


      කඩුගොඩ කනිෂ්ඨ විද්‍යාලය බස්නාහිර පළාතේ,කොළඹ දිස්ත‍්‍රික්කයේ, හෝමාගම අධ්‍යාපන කලාපයේ ,සීතාවක අධ්‍යාපන කොට්ඨාසයේ, අංක 430 ඒ කඩුගොඩ දකුණ ග‍්‍රාම සේවා වසමේ අක්කර 02 රූඞ් 02 ක ඉඩම් ප‍්‍රමාණයක පිහිටා ඇත. මෙහි ලිපිනය වනුයේ කඩුගොඩ, වග යන්නයිx මෙම පාසල 2 වර්ගයේ මිශ‍්‍ර පාසලකි.
කලාප කාර්යාලයේ සිට කි.මී. 20 ක් පමණ දුරින් කොළඹ සිට අවිස්සාවේල්ල දිසාවට 122 බස් මාර්ගයේ, කොස්ගම නගරයේ සිට වැලිකන්න මාර්ගයේ කි.මී. 2 ක් දුරින් පිහිටා ඇත. 


පාසලේ ඉතිහාසය

      මෙම පාසල කො /කඩුගොඩ බෞද්ධ මිශ‍්‍ර පාසල නමින් 1931 ජනවාරි 01 දින ඞී. ජේ. ගොඩමුණේ රාළහාමි, ඞී. ටී. ගොඩමුණේ මහතා හා කේ.පී. සීමන් වෙද මහතා යන අයගේ මූලිකත්වයෙන් එවකට විහාරාධිපතිව වැඩ සිටි බී. සුමංගල ස්වාමිපාදයන් වහන්සේ හා කනම්පැල්ලේ ශ‍්‍රී සුමන පේමාන්නද නායක ස්වාමිපාදයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා ගම් වාසීන්ගේ නොමද සහයෝගයෙන් තාවකාලිකව පොල් අතු මඩුවක ආරම්භ වී ඇත. 1937 මැයි 01 දින මෙය රජයේ පෝෂිත පාසලක් වන විට සිසුන් 180ක් හා ගුරුවරුන් 04 ක් සිටි අතර ඞී. ඒ. බියන්විල මහතා ආරම්භක විදුහල්පති විය. සීලවතී ගොඩමුණේ මෙම පාසලට පළමුවෙන්ම ඇතුළත් වූ ශිෂ්‍යයා වීමේ භාග්‍යය හිමි කරගෙන ඇත. 1938 ජනවාරි 01 වන දින වන විට මෙම පාසලේ 1 හා 2 ශ්‍රේණි පවත්වා ඇත. 1957 දී මෙම පාසලේ දිරාපත් වූ ගොඩනැගිල්ල වෙනුවට නව ගොඩනැගිල්ලක් රජයෙන් ලබා දී ඇත. ඒ සමගම අක්කර 1 1/2 ක භූමි භාගයක්ද පාසල් ඉඩමට යා කර ඇත. ඒ අනුව ක‍්‍රීඩා පිටියක් හා වගා බිමක් ලැබුණු බැවින් මෙම පාසල ක‍්‍රීඩා හා කෘෂිකර්ම කටයුතු ඉතා සාර්ථකව පවත්වා ගෙන යන ලද පාසලක් බවට පත් වී ඇත.


      1960 වන විට සිසුන් 450ක් හා ගුරු මණ්ඩලය 18ක් සිටි, එවකට ඉතා දියුණු පාසලක් බවට පත් වී ඇත. 1968 දී මෙම පාසලේ 9, 10 ශ්‍රේණි ඉවත් කළ බැවින් සිසුන් 350ක් දක්වාද ගුරු මණ්ඩලය 12 දක්වාද අඩු වී ඇත. මෙම පාසල කඩුගොඩ කනිෂ්ඨ විද්‍යාලය බවට පත්වී ඇත්තේ එතැන් සිටය. නමුත් 1973 දී විදුහල්පති ඞී. බී. එදිරිසිංහ මහතාගේ උනන්දුව මත කලා අංශයෙන් 9,10 ශ්‍රේණි නැවත පාසල තුළ ස්ථාපිත විය. එපමණක් නොව ක‍්‍රීඩාව හා කෘෂි කාර්මික කටයුතු අතිනුත්, 5 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල අතිනුත් ඉහළ දියුණුවක් මෙම පාසල තුළ එවක පැවතුනි.
1973 න් පසු මෙම පාසලේ අධ්‍යාපන තත්ත්වය ඉතා දියුණු වූ අතර කෘෂිකර්ම තරගවලින් ඉහළ ජයග‍්‍රහණද ලබා ගෙන ඇත. 70 දශකයේ අග භාගය වන විට පාසල් වත්ත වගාවන්වලින් අලංකාර උද්‍යානයක් බවට පත් වී ඇත. පාසලේ ජීව වායු නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර 80 දශකය වන විටද එම තත්ත්වය එලෙසම පැවතී ඇත. 90 දශකයේ මුල් භාගයේ වැඩි සිසුන් සංඛ්‍යාවක් සිටි අතර අග භාගය වන විට ක‍්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වී ගොස් ඇත. 2006 වසර මෙම පාසලේ ඉතිහාසයේ ශිෂ්‍ය සංඛ්‍යාව අඩුම වසර බවට පත් වී ඇත. 


      නමුත් 2009 සිට නැවතත් ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයක් දැකිය හැකි වෙයි. කෙසේ වෙතත් මේ වන විට මෙම පාසලින් අධ්‍යාපනය ලබා මව්බිමට සේවය සලසන විශාල පිරිස අතර වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ඉංජිනේරුවන්, උපාධිධාරි ගුරුවරුන් හා රජයේ සහ පෞද්ගලික ආයතනවල වැදගත් තනතුරු දරණ විශාල පිරිසක් සිටිති.

 

1937 සිට මේ දක්වා සේවය කළ විදුහල්පතිවරු
01
ඞී. ඒ. බියන්විල මයා 1937/01/01
02
මලවලආරච්චි මයා  
03
ඩබ්. ඞී. ඒ. සමරසූරිය මයා  
04
එම්. ඒ. සමරවික‍්‍රම මයා  
05
ඞී. රණසිංහ මයා  
06
ඞී. ඒ. බියන්විල මයා  
07
ඞී. බී. එදිරිසිංහ මයා 1971/01/01 - 1981/05/20
08
ඞී.එම්. ජයවර්ධන මයා 1981/05/21 - 1984/04/05
09
ආර්. ඞී. හෙන්රි ලැම්බට් මයා 1984/04/06 - 1989/06/04
10
එච්. බාලසූරිය මයා 1989/06/05 - 1995/01/06
11
ආර්. ඒ. රත්නාවලී මිය 1995/01/06 - 1995/05/17
12
පී. ඞී. කරුණාරත්න මයා 1995/05/18 - 1996/10/10
13
ආර්. ඒ. රත්නාවලී මිය 1996/10/11 - 1997/05/06
14
ආර්. ජයසේන මයා 1997/05/07 - 1998/04/09
15
ආර්. ඒ. රත්නාවලී මිය 1998/04/09 - 1998/06/12
16
එම්. පී. අබේරත්න මයා 1998/06/12 - 2002/01/04
17
ආර්. ඒ. රත්නාවලී මිය 2002/01/04 - 2003/01/22 
18
ජේ.එම්.පී. කෝදාගොඩ මිය 2003/01/23 - 2004/05/09
19
ආර්. පී. විජේසිරි මයා 2004/05/10 - 2009/03/13
20
කමනී ජයසිංහ මිය 2009/03/13  - 2009/08/20 
21
බී. ඒ. ප‍්‍රියන්ත පුෂ්ප කුමාර මයා 2009/08/21


දැක්ම

හංවැල්ල අධ්‍යාපන කොට්ඨාසය තුළ විශිෂ්ටතම ඵලදායී පාසල බවට මෙම පාසල පත් කිරීම

 

මෙහෙවර ප‍්‍රකාශය

ජාතික පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීමේ පොදු අභිලාසයෙන් දරු දැරියන් තුළ දැනුම, ආකල්ප, කුසලතා හා යහ පුරුදු වර්ධනය කිරීමෙහිලා හැකි උපරිම ලෙස ඉගෙනුම් අවස්ථා සැලසීම තුළින් අනාගත අභිවෘද්ධියට ඵලදායී ලෙස දායක විය හැකි අභිමානවත් පරපුරක් බිහි කිරීම

                                   
වර්තමානයේ පාසලේ පහසුකම්


      2012 වසර වන විට මෙම පාසලේ පිබිදීමක් දක්නට ලැබෙන අතර මානව හා භෞතික සම්පත්වල වර්ධනයක් දක්නට ඇත. පාසලේ අධ්‍යාපන කටයුතුවලට යොදා ගන්නා ස්ථාන අලූත්වැඩියා කර දැකුම්කළු ආකාරයට සකස් කර ඇත. ඒ අතර කාර්යාලය, සංගීත කාමරය, නැටුම් කාමරය, තාවකාලික විද්‍යාගාරය, තාවකාලික පුස්තකාලය, සෙල්ලම් මිදුල හා ක‍්‍රීඩා පිට්ටනිය වේ. පාසලේ ගොඩනැගිලි 04ක්, ආපන ශාලා ගොඩනැගිල්ලක් ඇති අතර ජලය ලබා ගැනීමට ළිඳක්ද ජලනල පද්ධතියක්ද ඇත. පාසලේ විදුලි බලයද ඇත.


      ගරා වැටී තිබුණු පියගැටපෙළවල් නවීකරණය කර නිමාවට පත් කර ඇත. කුඩා පිට්ටනිය විශාල කර ඉඩකඩ ඇති ආකාරයට සකස් කර ඇත' තාවකාලික විද්‍යාගාර ගොඩනැගිල්ල අලූත්වැඩියා කර නවීන ආකාරයට නිමවා ඇති අතර, ගබඩා කාමරය ලෙස අබලි පුරවා තිබූ කාමරය පරිගණක කාමරය ලෙස වැඩි දියුණු කර ඇත.


පාසලේ විෂය සමගාමී වැඩසටහන්

 
      2012 වසර වන විට මෙම පාසලේ විවිධ විෂය සමගාමී වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරේ. ප‍්‍රාථමික අංශයේ සිසුන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා ප‍්‍රාථමික අවුරුදු උළෙල අප‍්‍රියෙල් මාසයේ පැවැත්වේ. වසර පුරා ක‍්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් සිසුන්ගේ ශාරීරික සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබදව දැනුුම දියුණු කරනු ලබන අතර මව්පිය ගුණ වන්දනා වැඩසටහන් මගින් සිසුන්ගේ සාරධර්ම වර්ධනය කිරීම හා දෙමාපියන් තුළ පාසල පිළිබදව ඇති ආකල්ප වර්ධනය කරනු ලබයි. සිසුන්ගේ සිංහල සාහිත්‍යමය දැනුම හා කලා හැකියාවන් වැඩි දියුණු කිරීම සදහා වාර්ෂිකව කලා උළෙලක් ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි. ඉංග‍්‍රීසි වැඩසටහන සතිපතා ක‍්‍රියාත්මක කරනු ලබන්නේ සිසුන්ගේ ඉංග‍්‍රීසි භාෂාවේ කතන හා ශ‍්‍රවණ හැකියාවන් වර්ධනය කිරීම සදහාය. සෑම වසරකම සිසුන්ගේ ක‍්‍රීඩා කුසලතා ඔපවත් කිරීමේ අරමුණින් නිවාසාන්තර ක‍්‍රීඩා උත්සවයක්ද පවත්වනු ලබයි. සිසුන්ගේ විනය හා සාරධර්ම වැඩිදියුණු කිරීම සදහා පොසොන් සිල් වැඩසටහන වාර්ෂිකව ක‍්‍රියාත්මක කරනු ලබයි. ප‍්‍රථමික හා ද්විතියික අංශ දෙකේම වාර්ෂික අධ්‍යාපන චාරිකා සංවිධානය කරනු ලබන්නේ අධ්‍යාපනික වශයෙන් ඉතාම වැදගත් ස්ථාන තෝරා ගනිමිනි.

 
tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |