2014 වර්ෂයේ කොට්ඨාස ක්‍රීඩා උළෙල මීගොඩ මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
2014 වර්ෂයේ සේවයෙන් විශ්‍රාම ලැබූ ප්‍රේමා මනතුංග මිය හා ස්ථාන මාරු ලබා ගිය රෝෂිණී හා එන්. එස්. කත්‍රිආරච්චි මෙනවිය සමු ගැනීම නිමිත්තෙන් සුබසාධක සංගමය පැවැත් වූ සමුගැන්මේ අවස්ථාව.
2014 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වූ අ: පො: ස: (සා. පෙළ) ප්‍රතිඵල විග්‍රහය බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලය විසින් 2015. 05. 14 දින හෝමාගම මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. ඒ සඳහා සහභාගී වූ හෝමාගම කලාපයේ අධ්‍යක්‍ෂ වරුන් සහ ගුරු උපදේශකවරුන්.
2015 පොසොන් පොහොය වෙනුවෙන් පළාත් සභාව මෙහෙය වූ හෝමාගම පොසොන් කලාපයේ පොසොන් කූඩු තරගය සඳහා හෝමාගම අධ්‍යාපන කොට්ඨාසයෙන් ඉදිරිපත් කළ කූඩු කිහිපයක්.
2015 ඔක්තෝබර් 15 හා 16 දෙදින තුළ මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ දී, හෝමාගම කොට්ඨාසයේ විදුහල්පතිවරුනට සහ ගුරු උපදේශකවරුනට පැවැත් වූ “ කළු ලෑල්ලෙන් එහාට “ නම් වූ සපන් අධ්‍යාපනය පිළිබඳ (Smart Education) වැඩ මුළුවේ අවස්ථා කිහිපයක්.
2015 වර්ෂයේ සේවයෙන් විශ්‍රාම ලැබූ අයි. කේ. ජයරත්න මයා හා රොෂාන්ත මනෝහර මයාගේ අළුත උපන් දරුවා වෙනුවෙන් සුබසාධක සංගමය පැවැත් වූ සුහද හමුවේ අවස්ථාවන්.
2016 වසරට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ වැඩ ආරම්භ කළ අයුරු. පූජ්‍ය කාල්වානේ සරණංකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිරිත් සජ්ඣායනයක් පවත්වා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමියගේ ප්‍රධානත්වයෙන් නව වර්ෂයේ වැඩ කටයුතු ඇරඹිණි.