- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

sinhalatamilengsiyabas

 

 

 

සැලසුම් අංශයට අදාළ වැඩසටහන්වල කාලසටහන්

 

 

- සැලසුම් අංශය -

 

plan

සී. හෙට්ටිආරච්චි මයා (ශ්‍රී.ලංකා අ.ප.සේ. 111)
දුරකතන - රාජකාරී : 0112855225 / 0112855245
ජංගම : 0718068345
විද්‍යුත් තැපෑල : homaplan@gmail.com

 

 

සැලසුම් අධ්‍යක්ෂ තුමාගේ පණිවිඩය

      හෝමාගම අධ්‍යාපන කලාපයේ කලාපීය පාසල්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා අධ්‍යාපනයට සම්බන්ධ අනෙකුත් ආයතන අතර තොරතුරු හුවමාරු කර ගැනීමට කාර්යක්‍ෂම තොරතුරු පද්ධතියක ප්‍රබල අවශ්‍යතාවයක් මතුව තිබුණි.

     ඒ අනුව අප කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ මග පෙන්වීම මත, අප ආයතනයේ කාර්යක්‍ෂමතාව හා ඵලදායිතාව ඇති කිරීමට සමත් තොරතුරු පද්ධතිය අදාළ අනෙකුත් ආයතන වෙත ගෙන යාමට සමත් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හැකි වීම ගැන සතුටු වෙමි.

      මෙම වෙබ් අඩවිය භාවිතා කර අභ්‍යන්තර ප්‍රජාව මෙන්ම බාහිර ප්‍රජාවද උපරිම ප්‍රයෝජන ගනු ඇතැයි විශ්වාස කරන අතර ම, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පළාත් මට්ටමේ හා අමාත්‍යාංශ මට්ටමේ නිලධාරීන්ට ද බාහිර ආයතන වලට ද අවශ්‍ය තොරතුරු වෙත පහසුවෙන් ළඟාවිය හැකි වනු ඇතැයි මාගේ විශ්වාසයයි.

 

 

- සැලසුම් අංශය මගින් සැලසෙන සේවාවන් -

  1. කලාප මට්ටමේ මධ්‍ය කාලීන හා විමධ්‍යගත ආයෝජන සැලසුම් සකස් කිරීම.
  2. කලාපය තුළ ක්‍රියාත්මක වන මධ්‍යකාලීන ව්‍යාපෘති වල ප්‍රගතිය පාලනය හා විවිධ ව්‍යාපෘති පිළිබඳව තොරතුරු රැස් කිරීම.
  3. ඉහළ අධිකාරීන් හා දේශපාලන අධිකාරීන් වෙත යැවිය යුතු වාර්තා සැකසීම හා ඉදිරිපත් කිරීම.
  4. විදේශාධාර ව්‍යාපෘති හා ජාතික මට්ටමේ ව්‍යාපෘති යටතේ පාසල් වල අවශ්‍ය භෞතික සම්පත් පිළිබඳව තොරතුරු රැස් කිරීම.
  5. ව්‍යූහ කමිටුවට අයත් රාජකාරී කටයුතු (උදා : පාසල් නම් කිරීම, නම් වෙනස් කිරීම, ඒකාබද්ධ කිරීම, වැසීම, සමාන්තර පන්ති අඩු/වැඩි කිරීම, නව අංශ ඇති කිරීම, විෂය ධාරාවන් ඇරඹීම/නිමා කිරීම, දුෂ්කර පාසල් හඳුනා ගැනීම, වර්ගීකරණය හා විචාරවත් කිරීම යනාදී රාජකාරීන්)
  6. අධ්‍යාපන පර්යේෂණ කටයුතු.
  7. කලාප මට්ටමේ පහත දැක්වෙන තොරතුරු රැස් කිරීම හා යාවත්කාලීනව පවත්වාගෙන යාම.
        i. විෂයය තොරතුරු
        ii. ගුරු තොරතුරු
        iii. අනධ්‍යයන කාර්යය මණ්ඩල තොරතුරු
        iv. භෞතික සම්පත් තොරතුරු
        v. විභාග ප්‍රතිඵල  
        vi. මූල්‍ය සම්පත් තොරතුරු ඇතුලු වෙනත් විවිධ තොරතුරු
  8. පාසල් නාම පුවරු, සමරු ඵලක, අනුමත කරවා ගැනීම හා ඊට අදාළ කටයුතු.
  9. කලාප මට්ටමේ ව්‍යාපෘති භාර නිලධාරීන්ගේ ප්‍රතිපෝෂණ වාර්තා පවත්වා ගැනීම.
  10. ප්‍රගතිය පාලන ඵලක හා ප්‍රස්තාර ඇඳීම සහ සැකසීම.
  11. වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම හා ඒ හා සම්බන්ධ සියලු කටයුතු කිරීම. මාසිකව ප්‍රගතිය පළාත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
  12. ද්විතියික පාසල් සම්බන්ධ තොරතුරු එක්රැස් කිරීම හා තොරතුරු සැපයීම
  13. ළමා මිතුරු පාසල් පිළිබඳ තොරතුරු එක්රුස් කිරීම හා තොරතුරු සැපයීම
  14. විදුහල්පති රැස්වීම් සංවිධානය කිරීම.
  15. වාර්ෂික පාසල් සංගණන තොරතුරු පරිගණක ගත කිරීම හා තොරතුරු යාවත්කාලීනව පවත්වාගෙන යාම
  16. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යනු ලබන කාර්ය මණ්ඩල වාර්තා හා ගුරු තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා මාසික වෙනස්වීම් වාර්තා සකස් කර ඉදිරිපත් කිරීම.
  17. ප්‍රධාන අමාත්‍ය තුමා වෙත යොමු කළයුතු කාර්යාලීය මාසික ප්‍රගති වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීම.
  18. අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (EMIS) හා සම්බන්ධ කටයුතු.

 

- සැලසුම් අංශයේ කාර්ය මණ්ඩලය හා අදාල රාජකාරීන් -

01. ආර්. . ඩී. නිරූපා සුසන්ති මිය

(පරිගණක දත්ත සටහන් ක්‍රියාකරු)

02.  ඩබ්ලිව්. කේ. වීරසූරිය මයා

(බ. ප. කළමනාකරණ සහකාර සේවය)

  1. වාර්ෂික පාසල් සංගණන තොරතුරු පරිගණක ගත කිරීම හා තොරතුරු යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  2. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යනු ලබන කාර්ය මණ්ඩල වාර්තා හා ගුරු තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා මාසික වෙනස්වීම් වාර්තා සකස් කර ඉදිරිපත් කිරීම.
  3. ප්‍රධාන අමාත්‍යතුමා වෙත යොමු කළයුතු කාර්යාලීය මාසික ප්‍රගති වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීම.
  4. පරිගණක අංශයෙන් සකස් කළයුතු ලිපි හා ආකෘති පිළියෙල කිරීම.
  5. කලාප කාර්යාලයේ සියලු අංශ වල තොරතුරු රැස් කිරීම සම්බන්ධ කටයුතු වලදී සහායවීම හා ලිපිකරු නිලධාරීන්ගේ විෂය රාජකාරීන්ට අදාළව තොරතුරු පරිගණක ගත කර තැබීමට උදව් කිරීම.
  6. අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (EMIS) හා සම්බන්ධ කටයුතු.
  7. භෞතික සම්පත් තොරතුරු පරිගණක ගත කිරීම.
  8. ළමා මිතුරු පාසල් වෙබ් අඩවියට තොරතුරු යාවත්කාලීන කිරීම.
  9. අධ්‍යාපන පර්යේෂණ කටයුතු.
  10. මෙම වෙබ් අඩවියට තොරතුරු එකතු කිරීම.
  1. කලාප මට්ටමේ මධ්‍යකාලීන හා විමධ්‍යගත ආයෝජන සැලසුම් සකස් කිරීම. (උදා : ආයතනික හා මූල්‍ය සම්පත් ගණනය කර ඒ ආශ්‍රිත තොරතුරු ලබා ගැනීම හා හා බෙදා හැරීම, අවශ්‍ය ගණනය කිරීම් වේ)
  2. කලාපය තුළ ක්‍රියාත්මක වන මධ්‍යකාලීන ව්‍යාපෘති වල ප්‍රගතිය පාලනය හා විවිධ ව්‍යාපෘති පිළිබඳව තොරතුරු රැස් කිරීම.
  3. ඉහල අධිකාරීන් හා දේශපාලන අධිකාරීන් වෙත යැවිය යුතු වාර්තා සැකසීම හා ඉදිරිපත් කිරීම.
  4. විදේශාධාර ව්‍යාපෘති හා ජාතික මට්ටමේ ව්‍යාපෘති යටතේ පාසල් වල අවශ්‍ය භෞතික සම්පත් පිළිබඳව තොරතුරු රැස් කිරීම.
  5. ව්‍යූහ කමිටුවට අයත් රාජකාරී කටයුතු (උදා : පාසල් නම් කිරීම, නම් වෙනස් කිරීම, ඒකාබද්ධ කිරීම, වැසීම, සමාන්තර පන්ති අඩු/වැඩි කිරීම, නව අංශ ඇති කිරීම, විෂය ධාරාවන් ඇරඹීම/නිමා කිරීම, දුෂ්කර පාසල් හඳුනා ගැනීම, වර්ගීකරණය හා විචාරවත් කිරීම යනාදී රාජකාරීන්)
  6. සැලසුම් අංශයට අදාළ වැඩමුළු සංවිධානය කිරීම හා ඊට අදාළ කටයුතු සිදු කිරීම.
  7. පරිගණකය ආශ්‍රයෙන් පැවරෙන සියලුම රාජකාරීන් ඉටු කිරීම.
  8. අධ්‍යාපන පර්යේෂණ කටයුතු.

 

03. පී. පී. . ආර්. කුමාර මයා (සංවර්ධන නිලධාරී) 04. පී. වී. ගයාන් රාජික මයා (සංවර්ධන නිලධාරී)
  1. කලාප මට්ටමේ පහත දැක්වෙන තොරතුරු රැස් කිරීම හා යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  2. මූල්‍ය සම්පත් තොරතුරු ඇතුලු වෙනත් විවිධ තොරතුරු (ගුණාත්මක යෙදවුම්)
  3. වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම හා ඒ හා සම්බන්ධ සියලු කටයුතු කිරීම. මාසිකව ප්‍රගතිය පළාත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
  4. ද්විතියික පාසල් සම්බන්ධ තොරතුරු එක්රැස් කිරීම හා තොරතුරු සැපයීම හා අදාළ ලිපි කටයුතු.
  5. ළමා මිතුරු පාසල් පිළිබඳ තොරතුරු එක්රුස් කිරීම හා තොරතුරු සැපයීම හා අදාළ ලිපි කටයුතු.
  6. විදුහල්පති රැස්වීම් සංවිධානය කිරීම.
  7. පරිගණකය ආශ්‍රයෙන් පැවරෙන සියලුම රාජකාරීන් ඉටු කිරීම.
  8. අධ්‍යාපන පර්යේෂණ කටයුතු.

  1. කලාප මට්ටමේ පහත දැක්වෙන තොරතුරු රැස් කිරීම හා යාවත්කාලීනව පවත්වාගෙන යාම.
    (i) විෂයය තොරතුරු (ii) ගුරු තොරතුරු (iii) අනධ්‍යයන කාර්ය මණ්ඩල තොරතුරු (iv) භෞතික සම්පත් තොරතුරු (v) විභාග ප්‍රතිඵල (ඉහත දත්ත වලට අදාළව මැදිරිය සකස් කිරීම (ප්‍රස්තාර, චාට් සටහන්, ප්‍රදර්ශන පුවරු ආදිය පිළියෙල කිරීම)
  2. කලාප කාර්යාලයේ මාණ්ඩලික රැස්වීම් සංවිධානය.
  3. පාසල් නාම පුවරු, සමරු ඵලක, අනුමත කරවා ගැනීම හා ඊට අදාළ කටයුතු.
  4. කලාප මට්ටමේ ව්‍යාපෘති භාර නිලධාරීන්ගේ ප්‍රතිපෝෂණ වාර්තා පවත්වා ගැනීම.
  5. වාර්තා තැබීමට අදාළ ලියවිලි නිකුත් කිරීම, රැස්කිරීම හා සුරක්ෂිතව තබා ගැනීම.
  6. ප්‍රගතිය පාලන ඵලක හා ප්‍රස්තාර ඇඳීම සහ සැකසීම.
  7. පරිගණකය ආශ්‍රයෙන් පැවරෙන සියලුම රාජකාරීන් ඉටු කිරීම.
  8. අධ්‍යාපන පර්යේෂණ කටයුතු.

 

05. ඊ. එච්. ඩී. අනුරසිරි මයා
සැලසුම් අංශයේ සියලුම කටයුතු වලට සහාය වීම.

 

- සැලසුම් අංශයට අදාළ වැඩසටහන්හි කාලසටහන් -

 


tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |