- දැක්ම -රටේ සංවර්ධනයට දායක කළ හැකි නිපුණතාවලින් පිරි මව්බිමට ආදරය කරන ගුරු සිසු පරපුරක් |
- මෙහෙවර -නිපුණතාවයන්ගෙන් හෙබි මානව සම්පත හා සීමිත භෞතික සම්පත් මනා කළමනාකරණයෙන් යුතුව කලාපයේ පාසල් පද්ධතියතුළ උපයෝජනය කරමින් සදාචාර සම්පන්න වූ පූර්ණ පෞරුෂත්වයකින් යුත් මානව සම්පත රටට දායාද කිරීම |
- කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ පණිවුඩය - හෝමාගම අධ්‍යාපන කලාපයේ ප්‍රධාන අරමුණ වන්නේ කලාපය තුළ අධ්‍යාපන පද්ධතිය කාර්යක්ෂම ව හා ඵලදායීව පවත්වාගෙන යමින් පාසල් දරුවන්ගේ දැනුම වර්ධනයකරමින් ඔවුන් ආකල්ප හා කුසලතාවලින් පරිපූර්ණ, විශ්වයට ගැලපෙන දරුපිරිසක් ලෙස නිර්මාණය කිරීමයි. මෙම කාර්ය සාර්ථක කරගැනීමට අධ්‍යාපන පද්ධතියේ විවිධ ස්ථර නියෝජනය කරන සියළුම දෙනාට කාලීන තොරතුරු ඉතා වැදගත් වේ. මේ නිසා හෝමාගම අධ්‍යාපන කලාපයේ කාර්යක්ෂම අධ්‍යාපනික තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මතුවී තිබේ. පී. ඩී. වීරසූරිය |