- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo1

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

 

- විජයවර්ධන මහා විද්‍යාලය -

wijewardanamv

 

 

      බස්නාහිර පළාතේ හෝමාගම අධ්‍යාපන කලාපයේ හෝමාගම කොට්ඨාසයට අයත් 200 ට වැඩි පාසල් ගණයට අයත් පාසලකි විජයවර්ධන මහා විද්‍යාලය.

      හෝමාගම යකහළුව 128 බස් මාර්ගයේ කිරිවත්තුඩුව මංසන්ධියට ආසන්නයේ පිහිටා ඇත.

      ක්‍රි.ව. 1889 වසරේදී කිරිවත්තුඩුව පුරාණ විහාරය අසල රබර් කොටුව නම් ප්‍රදේශයේ පෞද්ගලික භූමි භාගයක පර්චස් 10 ක පමණ ඉඩ ප්‍රමාණයක, පොල් අතු සෙවිලි කළ කටුමැටි තාප්පයකින් වට කර සාදාගත් ශාලාවක කිරිවත්තුඩුව/ ආණ්ඩුවේ පිරිමි පාසල නමින් ආරම්භ විය. ආරම්භක විදුහල්පති තුමා මෙන්ම එකම ගුරුවරයාවූයේ ද පීරිස් ගුරුන්නාන්සේ මහතාය.  ආරම්භක සිසු සංඛ්‍යාව 9 කි.

      1900 දී ශිෂ්‍ය සංඛ්‍යාව 200 ක් විය. 1919 දී දැනට තිබෙන ස්ථානයේ පිහිටි තාවකාලික ගොඩනැගිල්ලකට පාසල ගෙන එන ලදි. 1919 දී ආරම්භක විදුහල්පති වූ පීරිස් ගුරුන්නාන්සේ ට එවකට පැවැති ඉංග්‍රීසි රජය මගින් “විජයවර්ධන” යන ගරු නාමය ප්‍රදානය කරන ලද අතර එතැන් සිට පාසල ද විජයවර්ධන විද්‍යාලය නම් විය. එකල මෙම පාසල ද්විභාෂා පාසලක් විය. 1943 දී ශිෂ්‍ය සංඛ්‍යාව 800 ක් වූ අතර මිශ්‍ර පාසලක් බවට  ද පත් විය.

      බප/හෝ/ විජයවර්ධන මහා විද්‍යාලයේ ආරම්භය 1889 දී සනිටුහන් වූයේ පොල් අතු සෙවිලි කළ කටුමැටි ශාලාවකිනි. 1919 දී දැනට තිබෙන පැරණිම ගොඩනැගිල්ල පාසලට ලබා දුන්නේ එවකට තිබුණු ඉංග්‍රීසි රජය මගිනි. 1989 වසරේ දී නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අඩිතාලම දැමිනි. බස්නාහිර පළාත් අරමුදලින් ප්‍රථම දෙමහල් ගොඩනැගිල්ලේ පළමු මහලට 1998. 03. 10 දින මුල් ගල තබන ලදී. මෙහි දෙවන මහල ද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය අරමුදලින් සාදන ලදුව 2004.02.03 දින සිසු අයිතියට පවරන ලදී. 2001.06.21 දින රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ විමධ්‍යගත අරමුදලින් පුස්තකාල ශාලාව සාදන ලදී. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ සංවර්ධන සංග්‍රාමයට අනුව පරිගණක ඒකකය සඳහා 2004.11.10 දින මුල්ගල තබන ලදී. 2006 ලෝක බැංකුවේ අධ්‍යාපනය සඳහා වන ආධාර යටතේ 5 ශ්‍රේණියේ ගොඩනැගිල්ල සාදන ලදී. නැණස සන්නිවේදන මධ්‍යස්ථානය 2011 වසරේදී ආරම්භ කරන ලදී. පරිගණක ගොඩනැගිල්ලේ ඉහළ දෙමහල බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන යටතේ 2012 වසරේදී නිමකරන ලදී.

 

එදා මෙදා තුර විජයවර්ධන නාමය බැබලවීමට දිරිය සවිය කැප කළ
විදුහල්පති නාමාවලිය

විජයවඩන විදු දැක්ම

ගුණ සපිරි                 මනසින්
විදුහුරු                   නැණසින්
ලොව දකින              මිනිසෙක්

 
 

මෙහෙවර ප්‍රකාශය     

හෙට ලොව                    දිනන
සුරුකම්                       රැගෙන
නැණගුණ                      නිතින
පණ‍ මෙන්                     රකින

දූ පුතුන්                         සැමට
සරණක්                       වෙමින
සිප් සෙත                     සදන     
මව් විජය                        වඩන

විෂය සමගාමී ක්‍රියාකාරකම් -  

ඉංග්‍රීසි භාෂා අංශය
පරිසර භට කණ්ඩායම
පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායම
ලෙදර් ක්‍රිකට් ක්‍රීඩාව
අත්පන්දු  ක්‍රීඩාව
චෙස් ක්‍රීඩාව
ජපන් භාෂාව
නාට්‍යය
ශාන්ත‍ ජෝන් ගිලන්රථ සේවා කණ්ඩායම
මත් ද්‍රව්‍ය නිවාරණ කමිටුව
මුද්දර සමාජය
සන්නිවේදන ඒකකය

විජයවඩන කිතු ගොස රැන්දූ වග............
සමස්ත ලංකා ජයග්‍රහණ


tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |