- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo1

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

 

- වෑතර මහා විද්‍යාලය -

 

      wetharamv

       

පාසල් පිහිටීම
පාසල අයත් පළාත                   -                  බස්නාහිර
පාසල අයත් දිස්ත්‍රික්කය                 -                  කොළඹ
පාසල අයත් අධ්‍යාපන කලාපය       -                  හෝමාගම
පාසලේ ලිපිනය                -               වෑතර,පොල්ගස්ඕවිට
පාසලේ දුරකථන අංකය          -                  0112170545
පාසලේ සංගණන අංකය                -                  00351
පාසලේ විද්‍යුත් ලිපිනය- zonho.divh.wetharamv@gmail.com

logo

පාසලේ දැක්ම

 

මෙහෙවර ප්‍රකාශය

යහ ගුණයෙන් දිදුලන සිප් සතරින් ලොව දිනන දරු පරපුරක්

ගුණාත්මක අධ්‍යාපනයක් තුලින් පරිපූර්ණ වූ දැනුමින් සපිරි යුක්ති ගරුක හා විනය ගරුක දූ දරු පිරිසක් සමාජගත කිරීම

     පාසල් ගීතය

දස දෙස කිතු රැස පතුරා ලකඹර
නංවා ජය කෙහෙලී
සැරදේ සැරදේ සැරදේ
වෑතර මහා විදුහල් මෑණී ..........//

සරසා දරු කැළ යහගුණ බරණින්
ශිල්ප සතර විදු අම රස පොවමින් ..........//
සදා වඩා අප රට දැය නැගුමට
දිරි ගන්වන මව්නී

දස දෙස ..........//

අවිඳු අඳුර නීති පලවා හරිමින්
නැණ එළියෙන් සිරි ලක එලි කරමින් ..........//
සදා දිලෙන මිණි පහනක් සේ ඔබ
බැබලේවා මව්නී

දස දෙස ..........//

 

පාසලේ ඉතිහාසය


      මෙම පාසල ආරම්භ කරන ලද්දේ ක්‍රි.ව. 1870 දී රජයේ පාසලක් වශයෙනි. මෙය කහතුඩුවේ පිරිමි පාසල වශයෙන් හදුන්වන ලද අතර එයට එම නම ලැබුනේ කලින් කහතුඩුවේ පිහිටි නිසා විය යුතුය. එහෙත් එහි ප්‍රථම විදුහල්පති වරයා වූ 1870 - 1877 දක්වා සේවය කල ඩී. එස් . සමරනායක මතාගේ කාලයේදීම දැනට වෑතර විහාරස්ථානයට යාව පිහිටි ඉඩමට ගෙන ආ නමුත් පසු කාලයක් යන තුරු මෙම පාසල කහතුඩුව පාසල යන නමින් ම හැදින්විය. ඉන්පසුව මෙහි විදුහල්පති වරයා වූ ඩී.ජේ.අයි.අබේවර්ධන මහතා වසර 5ක් සේවය කළේය. 1882 දී රාවතාවත්තේ මනුවෙල් ප්‍රනාන්දු මහතා විදුහල්පති විය. ඩී .සී. අබේසේකර මහතා මුල් ගුරුවරයා වශයෙන් සේවය කිරීමෙන් පසුව ඩබ්.ඒ. පෙරේරා මහතා මුල්ගුරුවරයා බවට පත්විය. එකල විදුහල් ගොඩනැගිල්ල අද පාසල පිහිටි මෙම පාසල් භූමියට  ගෙන එන ලදී. ඉන්පසුව නොතාරිස් තනතුරක් දැරූ ඩි. ඩී. ගුණසේකර මහතා විදුහල්පති වූ අතර 1914 දී අබේසිංහ මහතා විදුහල්පති බවට පත්විය.මොහුගේ කාලයේදී පාසලේ නම “වෑතර” විද්‍යාලය නමින් වෙනස් කරන ලදී. ඉන්පසුව පී. ජේ.  පෙරේරා මහතා ද 1922-1941 දක්වා කේ. ඒ. පී. ප්‍රේමවර්ධන මහතා මුල්ගුරුවරයා වශයෙන් සේවය කර ඇත. අවුරුදු 19 ක් සේවය කල මෙම මහතාගේ කාලයේදී ප්‍රදේශයේ තිබූ ඉතා දියුණු ග්‍රාමීය පාසලක් විය. එකල මෙහි මී මැසි පාලනය, කෘෂිකර්මය, කෙඳි කර්මාන්තය, නැටුම් , චිත්‍ර, බොක්සිං ක්‍රීඩාව වැනි විෂයන් ඉගැන්වීය. විෂය භාහිර කටයුතුවලදී මූලික තැනක් ගෙන කටයුතු කර ඇත. මේ කාලයේ වර්ෂයක් පමණ පී.මාසිංහ මහතා මුල්ගුරු තනතුරේ වැඩබලා ඇත. 


      1942 මුල් මාස නමය සමරසිංහ මහතා ද ඉන් පසුව කේ. එල්. පෙරේරා මහතාද මුල්ගුරුවරයා වශයෙන් කටයුතු කර ඇත. 1952 සිට වසර 7 ක් ඒ. එස් . ගුණවර්ධන මහතාද වසර 2 ක් එච්. ඩබ්. කල්දේරා මහතා ද විදුහල්පති වශයෙන් කටයුතු කරන ලදී. 1961 සිට කණිෂ්ට අංශය වෑතර  කණිෂ්ට විද්‍යාලයේ ද ජ්‍යෙෂ්ට අංශය මෙම පාසලේ ද වශයෙන් පවත්වන්නට යෙදුනි . 1967 දී මෙම පාසලට විද්‍යාගාරයක් ලැබුන අතර ප්‍රථම වරට විද්‍යා අධ්‍යාපනය මෙහි ආරම්භ කරන ලදී . 1962 සිට 1963 දක්වා බී. ඒ. කුරුප්පු ජයවර්ධන මහතා ද පී. ඒ. වෙත්තසිංහ මහතා අවුරුදු 1 මාස 7 ක් ද , ඒ. එච්. ගුණසේන මහතා ද 1974 සිට 1985 දක්වා පියදාස මහතා ද විදුහල්පති ධුරය හෙබවීය.


      1991-06-19 ලයනල් පෙරේරා මහතා  ද 1995-05-03 සමරනායක මහතා විදුහල්පති වශයෙන් පත්විය. 2001-07-23 ඕ. එම්. පියසීලි මෙනවිය විදුහල්පතිනිය වශයෙන් පත් වී තිබේ . 2006-02-13 මහින්ද ගුණරත්න විදුහල්පති වශයෙන් පත්ව ආ අතර මේ වන විට දෙමහල් ගොඩනැගිලි දෙකකින් සහ තෙමහල්‍ ගොඩනැගිලි එකකින් ද එක් මහල් ගොඩනැගිලි හය කින්ද සමන්විත වන පාසලට අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක විද්‍යාගාරයක් සාමාන්‍ය පෙළ විද්‍යාගාරයක් උසස්පෙළ විද්‍යාගාරයක් ගෘහවිද්‍යාගාරයක් පුස්තකාලයක් නැටුම් ශාලාවක් නව බුදුමැදුරක් සහිතව භෞතික පහසුකම් රාශියකින් සමන්විත පාසලක් බවට පත්ව ඇත .


      2007 වර්ෂයේදී එස්.එස්. සිරිවර්ධන මහතා විදුහල්පති වශයෙන් පත්ව ආ අතර 2009 වර්ෂයේදී ආර්. ඩී. කොතලාවල මහතා විදුහල්පති වශයෙන් පත්විය. එතුමාගේ කාලයේදි පාසලේ භෞතික පරිසරය සැලකිය යුතු වෙනස්කම් කිහිපයකට භාජනය විය. ඉදිරිපස පිවිසුම් පඩි පෙළ ඉවත් කොට ප්‍රවේශ මාර්ගය සකස්කරන ලදී . පාසලට විශාල අඩුපාඩුවක් ව පැවති රංග ශාලාවේ වැඩකටයුතු ඉදිකිරීම අරඹන ලදී.


      පාසල් දහසක් නගාසිටුවීමේ වැඩසටහන යටතේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයක් සහ තාක්ෂණ විද්‍යා පීඨයකින් යුතු 1 ඒ, බී පාසලක් බවට අද පත්ව ඇත. 2016 ජනවාරි 04 දින සිට වර්තමාන විදුහල්පතිනිය වන ටී.ඒ.එස්.පී. විජේසිංහ මහත්මිය විදුහල්පති ධුරය හොබවයි.

tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |