- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo1

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

 

- සිරිපති කනිෂ්ඨ විද්‍යාලය - අම්බලංගොඩ -

siripathikv

 


      බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුගහපත්තුව  ප්‍රදේශයේ  පොල්ගස්ඹ්විට නගරයට සමීපව අම්බලංගොඩ ග්‍රාමයේ සුන්දර වූ පරිසරයක  සිරිපති විද්‍යාලය පිහිටා ඇත.


ඉතිහාසය:-


      අම්බලංගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථාන භූමියේ 1917 දී මෙම පාසල ආරම්භ කර ඇත. එම විහාරස්ථානයේ එවකට වැඩ සිටි විහාරාධිපති දුම්බර පාලිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත. වර්ෂ කිහිපයක් විවිධ අපහසුතා මධ්‍යයේ පවත්වාගෙන ගොස් ඇත. 1924 දී නැවත පාසලට ස්ථිර භූමියක් සොයා ගනු ලැබීමෙන් පසු එක් ස්ථිර ගොඩනැගිල්ලක් සාදා 1925 ඔක්තෝබර් 14 දින මෙම වර්තමාන පාසල පිහිටි භූමියේ ස්ථාපනය කරන ලදී.


      1925 ඔක්තෝබර් 14 දින පාසල ආරම්භ කිරීම සඳහා ඉඩම පරිත්‍යාග කරන ලද්දේ අගෝනිස් අබේසිංහ මහතා විසිනි.  එවකට මෙම ඉඩම බෝගහවත්ත නමින් හඳුන්වනු ලැබීය. අඩි 60 x 20 දිග හා පළලකින් යුත් පොල් අතු සෙවිලි කළ ශාලාවකින් මෙම විද්‍යාලය ඇරඹිණි.


      පාසල් භූමිය රූඩ් 03 පර්චස් 09.03 ක් විය. පසුව රජයට අයත් පර්චස් 22 ක් වූ පේෂකර්ම භූමිය පාසලට පවරා ගන්නා ලදී.


      ආරම්භක මුල් ගුරු තුමිය ලෙස ඊ. ඩී. එස්. රූපාවතී මහත්මිය කටයුතු කර ඇත. මෙම විද්‍යාලය වර්තමානයවන විට නම් ගණනාවකින් හඳුන්වා ඇත. එහි අතීතය සඳහන් කරන විට,

           1925 – 1957 දක්වා - අම්බලංගොඩ සිංහල ගැහැනු පාසල
           1957 – 1959 දක්වා - අම්බලංගොඩ බාලිකා පාසල
           1959 – 1961 දක්වා - අම්බලංගොඩ බෞද්ධ බාලිකා පාසල
           1961 – 1962 දක්වා - අම්බලංගොඩ අධ්‍යක්‍ෂ පාලිත පාසල
           1962 දී පාසල රජයට පවරා ගන්නා ලදී.
           1962 – 1968 දක්වා - අම්බලංගොඩ රජයේ අබේසිංහ පාසල
           1968 – 1986 දක්වා - අම්බලංගොඩ කනිෂ්ඨ විද්‍යාලය
           1986 - සිට අද දක්වා - අම්බලංගොඩ සිරිපති විද්‍යාලය

 

- ආරම්භයේ සිට විදුහල්පති නාම ලේඛනය -
1936.09.01  - දක්වා ඊ. ඩී. එස්. රූපාවතී මහත්මිය
1936.09.01  -  1952.05.05 පී. එල්. ඩී. කර්ලිනා මහත්මිය
1952.05.06  -  1968.02.18 ඩී. පී. අබේසිංහ මයා
1968.02.19  -  1968.09.01 පී. ඩී. හාමිනෝනා මිය
1968.09.02  -  1970.01.10 යූ. සුගතපාල මයා
1970.01.11  -  1970.07.04 කේ. ඩී. සිරිසේන මයා
1970.07.05  -  1973.12.31 ජී. ඩී. විජේසේකර මයා
1973.01.02  -  1980.05.13 ඒ. මංචනායක මයා
1980.05.14  -  1986.01.22 ඩබ්. පී. පෙරේරා මයා
1986.01.23  -  1987.03.19 එස්. සූරියප්පෙරුම මයා
1987.03.20  -  1989.07.12 ඩබ්. සිරිසේන මයා
1989.07.13  -  1991.08.31 කේ. ගුණදාස මයා
1991.09.01  -  1992.09.30 එම්. කේ. කරුණාසේන මයා
1992.10.01  -  1997.01.31 කේ. ගුණදාස මයා
1997.02.01  -  1997.04.30 යූ. පී. ඩයස් මිය
1997.05.01  -  2009.09.16 සමන් ආනන්ද ඔලබොඩුව මයා
2009.09.17  -  2011.08.18 එච්. ඒ. ඩී. සරත් චන්‍ද්‍රසිරි මයා
2011.08.19  -  2013 පී. ඒ. ඩී. වීරරත්න මයා
2013 -  අද දක්වා ඩබ්. ඩබ්. එම්. යූ. හේරත් මයා

 

පාසලේ වගා භූමියේ දර්ශන

siripath2 siripathi3

siripathi4 siripathi5

 

tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |