- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo1

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

 

- මානකඩ කනිෂ්ඨ විද්‍යාලය -

 

      සේනාවන්ගේ පැමිණීම බැලූ ස්ථානය මානකඩ වී යැයි ජනප‍්‍රවාදයේ එයි. බස්නාහිර පලාතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ හංවැල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මානකඩ වසමේ මානකඩ කනිෂ්ඨ විද්‍යාලය පිහිටා ඇත


      පාසලට පැමිණිය හැකි මාර්ග 2කි. කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ කනම්පැල්ල පාරේ කි.මී. 1 ක් පමණ ගොස් දකුණට හැරී ඇස්වත්ත මානකඩ පාරේ කි.මී. 3ක් පමණ ගිය විටද, කොළඹ අවිස්සාවේල්ල පාරේ හිඟුරල සිට කොස්ගහ යට හංදියෙන් වමට කි.මී. 1 1/2 පමණ ගිය විට ද මානකඩ කනිෂ්ඨ විද්‍යාලය හමු වේ.


      පාසල් භූමිය පරිත්‍යාග කර ඇත්තේ රඹුකේ රාළහාමි ඇතුළු දරුවන්ය. 1955-09-22 දින පාසල ආරම්භ වූ දිනයයි. ආරම්භයේ  8 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වීය. පළමු විදුහල්පති පී. එම්. ඞී. බ‍්‍රම්පි මහතාය. මේ දක්වා විදුහල්පති වරු. 13 දෙනෙකු සේවය කළ අතර වර්තමානයේ  14 වන විදුහල්පති සේවය කරයි. පාසලේ සාමාන්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 35 වන අතර වර්තමානයේ එය විස්සකි.


      2005-2009 ප‍්‍රතිව්‍යුහකරණයට භාජනය වුවද ගම්මුන්ගේ විරෝධය නිසා අසාර්ථක විය. ප‍්‍රධාන ශාලාව අඩි 80 x 20 වන අතර අනෙක් ශාලාව  අඩි 60 x 20 ය. 2011 දී අඩි 60 x 20 ශාලාවේ එළිමහන් කොටස පංති කාමරයක් බවට පත් කලේය. හිස් කාමරයක්  කොම්පියුටර් කාමරයක්  බවට පත් කරන ලදී. 2010 දී ජල සැපයුම ශාලා දෙකටම ව්‍යාප්ත කරන ලදී. දිරාගිය විදුලි පද්ධති වෙනුවට නව විදුලි රුහැන් ඇදීම කරන ලදී. ශාලා දෙකට හා කම්පියුටර් කාමරයට විදුලි සැපයුම දීර්ඝ කරන ලදී. 2011 දී කම්බි කනු සාදා පාසල් වත්ත කම්බි ගැසීම කරන ලදී. 2011 දී ශාලා දෙකම අළුත් වැඩියා කර තීන්ත ආලේපනය කරන ලදී. 2012 ඉදිරිපස බැම්ම තනා ගේට්ටුව සවි කිරීම කරන ලදී.

දැක්ම


දරුවන්ගේ විභව්‍යතා ඔපවත් කරන ප‍්‍රායෝගික හා ශාස්ත‍්‍රිය අධ්‍යනයන් තුලින් අභිමානවත් දරු පරපුරක් බිහි කිරීම


මෙහෙවර


තමාටත් තම නිවසට පාසලට හා සමාජයටත් රටටත් පොදුවේ මුළු මහත් ප‍්‍රජාවටත් ආදරයෙන් ආත්ම ගෞරවයෙන් හා සහයෝගීත්වයෙන් කටයුතු කරන තෘප්තිමත් පුද්ගලයෙකු බිහි කිරීම

          වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 20 කි. ගුරු සංඛ්‍යාව 4 කි. 2011  දී භාෂා තරඟ වලදී පලාත් මට්ටම දක්වා ජයග‍්‍රහණ 01 කි. 2008 හරිත වන සංසදය පාරිසරික තරඟයේ කුසලතා සහතිකයද 2009 දී පාරිසරික විශිෂ්ඨ කුසලතා සහතිකයද පාසල හිමිකර ගන්නා ලදී. ආදි ශිෂ්‍යන් අතර ගුරු, නීතිඥ, මහේස්ත‍්‍රාත් වරුන් ඇත.


tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |