- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo1

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

 

- ඇස්වත්ත දකුණ කනිෂ්ඨ විද්‍යාලය -

eswattakv

 


      බස්නාහිර පළාතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ හෝමාගම අධ්‍යාපන කලාපයේ සීතාවක කොට්ඨාසයේ මනරම් වට පිටාවක ඇති මෙම විදුහල හෝමාගම කලාප කාර්යාලයේ සිට කිලෝමීටර් 30 ක් දුරින් පිහිටා ඇත කොළඹ රත්නපුර හයිලෙවල් මාර්ගයේ ඇස්වත්ත හංදියෙන් හැරී රංවල තොටුපල පාරේ මීටර් 800 ක් පමණ ගිය විට පාසල හමු වේ.

      මෙම ගම්පියසේ ප‍්‍රභූවරයෙකු වූ දොන් පේද්‍රික් වෙත්තසිංහ  අප්පුහාමි විසින් 1901 දී ආරම්භ කරන ලද මෙම පාසල 1909 දී රජයේ ලියාපදිංචි බාලිකා පාසලක් වශයෙන් පවත්වාගෙන යන ලදී. ඉන් ඉක්බිතිව 1950 වර්ෂයේ දී මිශ‍්‍ර පාසලක් වශයෙන් දැන් තිබෙන ස්ථානයේ ස්ථාපිත කරන ලදී.

      මෙතෙක් තාවකාලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මෙම විදුහල එවකට විදුහල්පතිව සිටි එන්. සිරිසේන මහතාගේ මූලිකත්වය යටතේ ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව නව ස්ථීර ගොඩනැගිල්ලක් තනා 1956 3 වෙනි මස 16 වෙනි දින එවකට අගමැතිව සිටි සර් ජෝන් කොතලාවල මැතිතුමා විසින් සිසු අයිතියට පවරා දෙන ලදී. 7 හේ‍්‍රණියට පමණක් පන්ති පවත්වාගෙන ආ මෙම විදුහලේ එවකට කේ. පී. කුලරත්න විදුහල්පති තුමාගේ මහත් පරිශ‍්‍රමයක් මගින් 1960 අගෝස්තු මාසයේ දී ජේ්‍යෂ්ඨය දක්වා පන්ති ආරම්භ කරන ලදී.

 

දැක්ම


අභියෝග වලට මුහුණ දීමට ශක්තිය ඇති කුසලතා හා සාරධර්ම වලින් පිරිපුන් රටදැය සමයට ගරු කරන යහපත් පුරවැසියන් අප පාසලෙන් බිහි කිරීමයි


මෙහෙවර

    
දැනුම ආකල්ප කුසලතාවලින් පිරි නිර්මාණ ශීලී චින්තනයෙන් හෙබි සාරධර්ම සුරකින පුරවැසියන් බිහි කිරීමට ඇස්වත්ත දකුණ කනිෂ්ඨ විදුහල් මෑණියෝ මෙහෙවර වන්නේය

      වත්මන් විදුහල්පති මංගල පේ‍්‍රමතිලක මහතාගේ කැපවිම මත විදුහලේ තවත් සංවර්ධන කටයුතු සිදු වන අතර පියගැටපෙළ නවීකරණය කිරීම ප‍්‍රමුඛ ස්ථානයේ පවතී.


      ප‍්‍රදේශයේ කීර්තිමත් පාසලක් ලෙස ඉතිහාසයට නම් දරා ඇති මෙම පාසලෙන් ඉහළ වෘත්තිකයන් බිහි වී ඇත. ඒ අතරින් මානසික රෝග විශේෂඥ වෛද්‍ය රාජකරුණා මහතා එම පාසලෙන් බිහි වූ විශිෂ්ට පුද්ගලයෙක් වේ.

      එදා පොල් අතු සෙවිලි කල ගොඩනැගිල්ල ඇතුළුව තාවකාලක ගොඩනැගිලි කිහිපයකට සීමා වූ මෙම විදුහල වර්ථමානයේ දී ගුරු නිවාසයක්ද ඇතුළුව ප‍්‍රාථමික ශ්‍රේණිය සඳහා වෙනම ශාලා දෙකකින්ද සමන්විත වී ඇත. ප‍්‍රධාන ගොඩනැගිල්ලේ ශක්තිමත් වේදිකාවක් ගොඩ නගා ඇත. පරිඝනක හා ඡායා පිටපත් යන්ත‍්‍රයක් රූපවාහිනි නාලිකා සම්බන්ධතාවය සහිත රූපවාහිනි යන්ත‍්‍ර 02 ක් ද සපයා ඇත.


tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |