- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo1

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

 

- ධර්මරාජ විද්‍යාලය - මීගොඩ -

darmarajav

 

 

      හෝමාගම පාදුක්ක උපනගරයන්හි මධ්‍යයෙහි අවිස්සාවේල්ල කොළඹ දුම්රිය මාර්ගයට මායිම්ව මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ඉතා නුදුරින් අක්කර 3 යි රූඞ් 3 පර්චස් 13 ක භූමි ප‍්‍රදේශයක මෙම විදුහල පිහිටා ඇත. හෝමාගම  කලාප කාර්යාලයේ සිට කි. මීටර 7 දුරින් පිහිටා ඇති මෙම පාසලට පිවිසුම් මාර්ගය  ලෙස කොළඹ පාදුක්ක 125, 203 සහ 366 අංක දරණ බස් රථ හදුන්වා දිය හැකිය.

පාසල් ඉතිහාසය

            1870 මාර්තු මාසයේ එච් ඒ එල් ධර්මදාස මහතා විසින් දොන් ජේමිස් ඩයස්   මහතාට  අයත්  ඉඩමක පළමු වරට පොල් අතු සෙවිලි කල පාසලක් ලෙස අරඹන ලද මෙහි වර්ධන අදියර,

     1914 දී නව ස්ථිර ගොඩනැගිල්ලක් සාදා නිම කරන ලද අතර එය පිරිමි ළමුන් සඳහා පමණක් වෙන් වු පාසලක් විය
     1916 දි තවත් ස්ථිර නව ගොඩනැගිල්ලක් සාදා  නිම කරන ලද අතර එය ගැහැණූ ළමුන් සඳහා පමණක් වෙන් වු පාසලක්           ලෙස වෙනම ම පවත්වා ගෙන යන ලදී.
     1967  මාර්තු මාසයේදි පැවති පාසල් ප‍්‍රතිසංවිධාන යටතේ මෙම පාසල ඒකාබද්ධ කොට ගැහැණූවල කනිෂ්ඨ විද්‍යාලය නමින්          එක් පාසලක් ලෙස නම් කරන ලදී.
      1985 ජුලි 16 විදුහල්පති එච්. ඞී. ඡේ. හෙට්ටිආරච්චි මහතාගේ කාලයේ මීගොඩ ධර්මරාජ විද්‍යාලය නමින් නම් කරන ලදි.
      එතැන් සිට සීඝ‍්‍ර දියුණූවක් කරා පා තැබූ මෙම විදුහල අද වන විට ප‍්‍රදේශයේ අනිකුත් පාසල් අතර කැපී පෙනෙන භෞතික          සංවර්ධනයකින් මෙන්ම ගුණාත්මක සංවර්ධනයකින් ද යුක්තය.
      වර්තමානයේ  1 සිට 11 දක්වා ශ්‍රේණි  පැවැත්වෙන අතර ගුරු මණඩලය 44 දෙනෙකුගෙන් සමන්විත වන අතර ශිෂ්‍ය          සංඛ්‍යාව 1079 කි.


භෞතික සම්පත් වල වෙනස්වීම්

      x          1914 නව ගොඩනැගිල්ල
      x          1916 නව ගොඩනැගිල්ල
      x          1916 සිට 1977 දක්වා නව   ගොඩනැගිලි 8 ක් එක්ව තිබිණි.
      x          1977 පාසලේ ක‍්‍රීඩා පිටිය සඳහා ඉඩම දොස්තර ලෙස්ලි ජයසූරිය මහතා විසින් පරිත්‍යාග කිරීම
      x          1984 වේදිකාව ඉදිකිරීම
      x          2001 බහු කාර්ය ඒකකය
      x          2001 විද්‍යාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල

මෙම දේපල නීතිමය පවරාගැනීම් සහිතය. 
පිඹුර අංක P Q 10823 
ගැසට් නිවේදන 1976x ජුනි 27 අංක 170 සහ 1976 අගෝස්තු  29 අංක 228

 

දැක්ම
ජීවිතයට ශක්තියක් වන හැකියා වර්ධනය කරමු

මෙහෙවර

හෙට දවසේ අභියෝග වලට මුහුණ දිය හැකි යුක්තිගරුක, ගුණගරුක, බුද්ධිමත් පුරවැසියන් අද දවසේ බිහි කිරීම

 

විදුහලේ පැවැත්මට දිරිදුන් විදුහල්පති වරුන්

01
එච්. ඒ.එල්. ධර්මරත්න මයා 1870 - 1913
15
කේ. ඊ. සෝමසිරි මයා 1964 - 1966
02
ඩී. එස්. අමරකෝන් මයා 1913 - 1918
16
ජී. විඡේරත්න  මයා         1966 - 1967
03
ජී. ඒ. ජී. පෙරේරා මයා 1918 - 1921
17
එස්. එල්. අමරසේකර  මයා       1967 - 1970
04
ජී. ඒ. පෙරේරා මයා 1921 - 1922
18
එච්. ඒ. එම්. පෙරේරා මයා 1970 - 1971
05
ජී. ඒ. ජී. පෙරේරා මයා 1922 - 1924
19
එච්. ඒ.එල්. සේනානායක මයා      1971 - 1973
06
ඩී. ඒ. එදිරිසිංහ මයා 1924 - 1927
20
පී. එම්. මොහොටිටාලගේ මයා      1973 - 1984
07
ඩී. පී. වැලිකල මයා 1927 - 1928
21
ඒ. ආර්. අමරසිංහ මයා 1984 - 1984
08
ඩී. වී. කුමාරපේලි මයා 1928 - 1939
22
එච්. ඩී. ජේ. හෙට්ටිඅරච්චි මයා     1984 - 1991
09
පිලිප් නේරු මයා 1939 - 1939
23
බී. ඒ. ඩී. කුලරත්න මයා           1991 - 1991
10
ඩබ්. එෆ්. ගුණසේකර මයා 1939 - 1950
24
ඩබ්. ඩී. විඡේසේකර මයා        1991 - 1991
11
ජී. ඩී. ඒ. විඡේසේකර මයා 1950 - 1951
25
බී. ඒ. දයාසීලි මහත්මිය           1991 - 1991
12
හේරත් බණ්ඩා මයා 1951 - 1958
26
බී. ඒ. ඩී. කුලරත්න මයා            1991 - 1991
13
ආරියසිංහ ලියනගේ මයා 1958 - 1958
27
කේ. සිරිසේන මයා 1991 - 2003
14
ජේ. ජී. කේ. සුභසිංහ මයා 1958 - 1964
28
ටී. විමලරත්න මයා          2003 - මේ දක්වා


පාසලෙන් බිහිවු විශිෂ්ට ආදි ශිෂ්‍යයන් හා ශිෂ්‍යාවන්

      1.   මීගොඩ පඤ්ඤාලෝක හිමි ( මීගොඩ හාමුදුරුවෝ )
      2.   සෝමා එදිරිසිංහ මිය ( සභාපතිනි -  EAP එදිරිසිංහ සමුහ ව්‍යාපාරය )
      3.   මංජු ශ‍්‍රි අරංගල මහතා ( විපක්‍ෂ නායක - බස්නාහිර පලාත් සභාව )

විද්‍යාලයේ ක‍්‍රියාත්මකවන විවධ විෂය සමගාමි වැඩසටහන්

      පරිසර භට කණ්ඩායම                                               
      පාසල් පලදායිතා වැඩසටහන
      සන්නිවේදන ඒකකය                                   
      අපද්‍රව්‍ය කළමණාකරන වැඩසටහන
      සාරධර්ම සේනාංකය                                    
      පෙරදිග තූර්ය වාදක කණ්ඩායම
      අපරදිග තූර්ය වාදක කණ්ඩායම                    
      පාසල් නැටුම් කණ්ඩායම
      පාසල් සංගීත කණ්ඩායම                               
      හෑන්ඞ් බෝල් කණ්ඩායම
      නෙටිබෝල් කණ්ඩායම                                            
      වොලි බෝල් කණ්ඩායම


tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |