- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo1

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

 

- බොරළුගොඩ මහා විද්‍යාලය -

boralugoda

 

      පාසලේ නම බිහි වූ ආකාරය. පාසල පවත්වාගෙන යාමේදී හා නඩත්තු කිරීමේදි,  ඩී. එන්. ආර්. ගුණවර්ධන මැතිතුමා හෙවත් බොරළුගොඩ රාළහාමිගෙන්  වූ සේවයට ගෞරවයක් වශයෙන් ඔහුගේ නාමය පාසලට තබන ලදි.  

      බස්නාහිර පළාතේ කොළඹ දිස්ති්‍රක්කයේ හෝමාගම අධ්‍යාපන කලාපයේ සීතාවක අධ්‍යාපන කොට්ඨාසයට අයත් දෙවන වර්ගයේ පාසලක් වන මෙය හෝමාගම අධ්‍යාපන කලාප කාර්යාලයේ සිට  කි. මී.  28  ක් පමණ දුරින් , 148 ලබුගම පිටකොටුව බස්මාර්ගයට යාබදව පිහිටි දර්ශණීය භූමිභාගයකට උරුමකම් පායි. පසෙකින් ගලා බසින හීන් ඇල හා ඉදිරිපිට පිහිටි වෙල්යාය මෙන්ම නෙළුම් මානෙල් පුෂ්පයන්ගෙන් පිරීයන වැවකින් ද මායිම් වූ මෙම භූමිය අක්කර 04 කට පමණ සීමා වී ඇත. මෙම භූමිය පිඹුරුපත් අංක කො 871 යටතේ වාර්තා ගත කර ඇත. මේ සියලූ ඉඩම් බොරළුගොඩ පිලිප් ගුණවර්ධන මැතිතුමන්ලාගේ පරපුරට අයත් ඒවාය.


පාසලේ ඉතිහාසය

      1910 වර්ෂය සදා මතකයේ රඳවමින් කහහේන කඩ පොළ ප්‍රදේශයේ වසා දමා තිබූ ගොඩනැගිල්ලක් විවෘත කරමින් ඩී. එන්. ආර්. ගුණවර්ධන මැතිතුමා හෙවත් බොරළුගොඩ රාළහාමිගේ මැදිහත්වීමෙන් ඩබ්ල්ව්. ඒ. ඩී. අරනේලිස් අප්පුහාමි (ගම් මුලාදෑනි) මහතාගේ මූලිකත්වයෙන් කහහේන බෞද්ධ මිශ්‍ර පාසල ආරම්භ විය. පළමු මුල්ගුරුතුමා වූයේ මාවතගම මහත්තයා හෙවත් සෙන්දනායක මහතා ය. ආරම්භයේදි දරුවන් 50 දෙනෙකුගෙන් සමන්විත විය.

      කඩ පොළ ප්‍රදේශයේ ඇති වූ බාධාකාරී තත්වයන් නිසා මුල්ගුරුතුමා පාසල වසා දැමීමට තීරණය කළ මොහාතේ බොරළුගොඩ රාළහාමි ඉදිරිපත්වී ඔහුගේ කාර්යාල ගොඩනැගිල්ල (දැනට තිඛෙන ගුණවර්ධන ශාලාව) පාසල පවත්වාගෙන යාමට 1917 දී සිසුන් 40ක් සමඟ පැමිණි මුල්ගුරුතුමාට ලබාදෙන ලදි. බොරළුගොඩ රාළහාමි පසලේ සාමාන්‍යාධිකාරිවරයා බවට පත්විය.

      1961 පෞද්ගලික හා උපකෘත පාඨශාලා රජයට පවරා ගැනීමේ පණත යටතේ බොරළුගොඩ බෞද්ධ මිශ්‍ර පාසල රජයට පවරා ගන්නා ලදි. එම අවස්ථාව වන විට පාසලේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ පිලිප් ගුණවර්ධන මැතිතුමාය. එතෙක් පැවති කලා විෂයන්ට අමතරව තාක්ෂණ පාඨමාලාවක්ද විෂය මාලාවට එක්විය.


     1968 දී මෙම පාසල මහා විද්‍යාලයක් බවට පත් විය. 1989 දී පාසලේ මුල් ගොඩනැගිල්ල ගුණවර්ධන ශාලාව ලෙස නම් කරන ලදි.

දැක්ම

වෙනස්වන ලෝකයේ අභියෝගයන්ට නොබියව මුහුණ දිය හැකි ආත්ම විශ්වාසයක් ඇති ගුණ නැණ සපිරී දරු කැලක් රටට දායාද කිරීම


මෙහෙවර


පොදු ජාතික අවශ්‍යතා ඉටු කිරීමට උවමනා පරිදි දැනුම , ආකල්ප , කුසලතා වර්ධනයටත් , ජාතික නිපුණතා වර්ධනයටත් ඉවහල් වන පරිදි අධ්‍යාපනය ලබා ගැනීමේ මාර්ග හා ඉඩපහසුකම් පුළුල් කිරීම , එහි ගුණාත්මක බව වර්ධනයට හා 21 වන සියවසේ අභියෝග ජයගතහැකි මානව ශක්තීන්ගෙන් පරිපූර්ණ පුරවැසියන් බිහි කිරීම අපගේ මෙහෙවරයි.

 

පාසලේ වර්ධනය


             ආරම්භක ශිෂ්‍යසංඛ්‍යාව 40ක් වුවද, 1918-1920 වනවිට ශිෂ්‍යසංඛ්‍යාව 100 දක්වා ඉහළ යාම.
            පාසල අරම්භ කර වසර කිහිපයකින්ම 8 ශ්‍රේණිය සමත් මොනිටර්වරුන් බිහි කිරීමට හැකිවීම.(එකල බිහිවූ මොනිටර්වරුන් ලෙස ඩී. කේ. රණවීර (විදුහල්පති) ඩී. සී. රණවීර (කථිකාචාර්ය) ඩී. එස්. පොඩිමැණිකේ, ඩී. එස්. ඥාණවතී, එච්. එස්. ලීලාවතී (උප ගුරුවරියෝ) හඳුන්වා දිය හැක.
             1930 දී ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍රය සඳහා පන්තියක් පවත්වාගෙන යන ලදි.
             1968 දී බහු කාර්ය අංශ ඇති කිරීම.
             අ.පො.ස (සා/පෙළ) හා ශිෂ්‍යත්ව ප්‍රතිඵල නෙලාගත් දරුවන් විදුහලින් බිහිවීම.
             2006 සිට පාසලේ පළමු ශ්‍රේණිය සඳහා පන්ති 02ක් අනුමත වී ක්‍රියාත්මක කිරීම.
             2012 වන විට 1-7 ශ්‍රේණි වල සමාන්තර පන්ති 02 බැගින් වර්ධනය වී තිබීම.


භෞතික සම්පත්වල වෙනස්වීම


බොරළුගොඩ රාළහාමිගේ කාර්යාලය පිහිටි ස්ථානයේ ඉදි වූ, ඉදිරිපස පඩිපෙළක් සහිත අඩි 60 x 20 ශාලාවක මෙම පාසල ආරම්භ විය. එම ශාලාව කාමර තුනකින් යුතු කුස්සි කාමරයක්ද සහිත ගොඩනැගිල්ලකි. ( අද ද මිරිස් අඹරණ ගල තිබූ ස්තානය එලෙසම දක්නට ඇත.)


             1930 දී වර්තමානයේ අංක 02 දරණ ශාලාව ආරම්භ කරන ලදි.
             1950 - 1970 කාලයේදී තෙවැනි ගොඩනැගිල්ල,විද්‍යාගාරය හා ප්‍රධාන ශාලාව ඉඳිවීම .
             1992 -1995 විදුහලට ජල නල පද්ධතියක් ලබා ගැනීම.
            1998 දී විදුහල්පති කාර්යාලය, ගුරු විවේකාගාරය, හා ගෘහ විද්‍යාගාරය සහිත ගොඩනැගිල්ල සකස් කිරීම.
             නර්තන හා සංගීත කාමරයක් ඉඳිකර ගැනීම.
             2001 දී අංග සම්පූර්ණ පුස්තකාලයක් හිමිවීම.
             2006 දී නව බුද්ධ මන්දිරය විවෘත කිරීම.
             2009 පරිගණක 05කින් යුතු පරිගණක ඒකකය පැවති ගුරු විවේකාගාරය තුල පිහිටු වීම.
             2010 බහු කාර්ය ඒකකයක් පිහිටු වීම.
             2010 පාසල භූමියේ නිරවුල් අයිතිය ලබා ගැනීම හා 2011 පාසල් මායිම් නිවැරදිව සැකසීම.

 

වර්තමාන තත්වය


      වර්තමාන විදුහල්පතිතුමා ඩබ්ලිව්. පී. එස්. විතානපතිරණ මහතා වන අතර දැනට ගුරු මණ්ඩලය 26 දෙනෙකුත් එක් ස්වෙච්ඡා ගුරුමහතකුගෙන්ද සමන්විතය. පාසල් අනධ්‍යයන සේවකයන් දෙදෙනෙක්ද සේවයේ යෙදී සිටිති. පාසල් මුරකරු සේවක මහතකුද සේවයේ යෙදී සිටියි. එමෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 634 ක් පමණ දැනුම , කුසලතා හා ආකල්ප යන ත්‍රිවිධ නිපුණතා වර්ධනය කර ගනිමින් සිටියි. 1 - 7 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති 02 බැගින්ද 8 - 11 එක පන්තිය බැගින්ද පැවැත්වේ.


විෂය සමගාමි සම්බන්ධ වැඩසටහන්


             2002 දී විද්‍යාලීය පරිසර සමිතිය ආරම්භ කිරීම.
             2012 වර්ෂයේදී පාසල් බාලදක්ෂ කටයුතු ආරම්භ කර මෙම වසරේ දඹුල්ලේදී පැවති ආසියා පැසිපික් බාලදක්ෂ ජම්බෝරියටද මෙම විද්‍යාලයෙන් සහභාගී විය.
                සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ
             1966 කොළඹ දිස්ත්‍රි‍ක් ක්‍රීඩා ශූරතාව දිනා ඇත.
             1996 දී සංගීත අංශයේ සමස්ත ලංකා වයලීන වාදනයේ 2 වන ස්ථානය දිනා ගැනීම.
             බස්නාහිර පළාතේ සුවබරතා තක්සලාව වැඩසටහන යටතේ කොළඹදිස්ත්‍රි‍ක්කයෙන් 3 වන ස්ථානය හිමිකර ගැනීම.
             2004 පරිසර තරග මාලාවේ කථික තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීම.
             2005 ලෝක පරිසර දින නාට්‍ය තරඟයේ තෙවන ස්ථානය ලැබීම.


බිහි වූ විශිෂ්ට පුද්ගලයින්


             මහාචාර්ය විතාන මහතා (කැලිපෝනියා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය)
             එව්.ඩී.චන්ද්‍රිකා නිර්මලී තිලකරත්න මහත්මිය (තොරතුරු අධ්‍යක්ෂ) පාරිභෝගික කටයුතු පිළිබඳ                අධිකාරිය
             ඩබ්ලිව්.එම්.පියසේන මහතා (විශ්‍රාමලත් විදුහල්පති)
             ඩබ්ලිව්.එම්.ධම්මික (බ.ප. කර්මාන්ත අමාත්‍යාංශයේ ස. අධ්‍යක්ෂ)
             සුරංග රණසිංහ (විදුලි අධිකාරී - කැකිරාව)
             එම්.ඒ.වී.ලක්මිණී මංජුලා කරුණාරත්න - වෛද්‍ය
             එම්.ඒ.වී. මහේෂා උදාරි කරුණාරත්න - වෛද්‍ය
             ඩබ්ලිව්.එම්.කපිල (මහ රෝහල - කොළඹ)

 

එදා මෙදා තුර පාසලට ආලෝකයක් වූ විදුහල්පතිවරු

1910 - 1931  මාවතගම මහතා (සෙන්දනායක) 1978 - 1979    ඒ. ඩී. මෙතියස් මහතා
1931 - 1935   පී. ඩී. මන්ත්‍රී‍රත්න මහතා 1979 - 1982    ඒ. ඩී ජුලියස් මහතා
1935 - 1936   පී. හේවාවසම් මහතා 1982 - 1986     ආර්. එම්. ඩී. සිරිසේන මහතා
1936 - 1949   ඩී. ඩබ්. ආර් ගුණසේකර මහතා 1986 - 1989     එම්. ඒ. ඩී. බණ්ඩාර මහතා
1949 - 1950   එල්. ජී. මෙත්තානන්ද මහතා 1989 - 1992    ඩබ්ලිව්. එම්. පියසේන මහතා
1950 - 1970   ඩී. සී. රණවීර මහතා 1992 - 1995    ජේ. ජයසිංහ මහතා
1970 - 1972   එම්. බී. චන්ද්‍රපාල මහතා 1995 - 2006    පී. ටී. ධර්මසේන මහත්මිය
1972 - 1974   පී. මනම්පේරී මහතා 2006 - 2009    ඩබ්ලිව්. නිමලාවතී මහත්මිය
1974 - 1977   බී. එස්. පද්මපෙරුම මහතා      2009 -       ඩබ්ලිව්. පී. එස් විතානපතිරණ මහතා
1977 - 1978   කේ. ඩී. පි. උභයවර්ධන මහතා  

logoboralu


tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |