- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo1

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

 

- බෝපේ රාජසිංහ ප‍්‍රාථමික විදුහල -

bopekv

 

      බෝපේ රාජසිංහ ප‍්‍රාථමික විදුහල කොළඹ දිස්ත‍්‍රික්කයේ හෝමාගම අධ්‍යාපන කලාපයේ පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයට අයත් 1ක්‍ වර්ගයේ පාසලකි. සීතාවක ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ 125 කොළඹ - ඉංගිරිය බස් මාර්ගයේ හෝමාගම අධ්‍යාපන කලාප කාර්යාලයේ සිට කිලෝ මීටර් 17 පමණ දුරින් බෝපේ ගම ප‍්‍රධාන කරගත් රජයේ ආයතනය වන අතර ඉහළ බෝපේ මං සන්ධියේ පිහිටා ඇත.
      සීතාවක රාජසිංහ රජු මෙම බල ප‍්‍රදේශය පාලනය කොට ඇති අතර පසු කාලීනව ඔහු නමින් පාසල් 3 ක් මෙම ප‍්‍රදේශය තුළ ඇති කර ඇති බව ප‍්‍රකට වේ. ඉන් එක් පාසලක් වූයේ බෝපේ රාජසිංහ මහ විදුහලයි. එම විද්‍යාලයෙන් 2009 වසරේදී කැඞී ආ ප‍්‍රාථමිකයට ද මෙම නාමය ම හිමි විය.


පාසලේ ඉතිහාසය


      දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම පාසල 1867 දී පමණ ආරම්භ කළ බව ලිපි ලේඛන පෙන්වයි. ස්වභාෂා පිරිමි පාසලක් වශයෙන් ආරම්භ කළ මෙම පාසලෙහි සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 103 ක්වු බවත් අඩි 50 X 15 ක ප‍්‍රමාණයේ ගොඩනැගිල්ලක් තිබුණ බවද වාර්තා වේ.


      1953.07.02 දින බෝපේ ස්වභාෂා ඉංග‍්‍රිසි පාසල ඉංග‍්‍රීසි ජූනියර් පාසලක තත්ත්වයට පත්විය. එහි ප‍්‍රථම ප‍්‍රධානාචාර්යවරයා වුයේ ඞී. ජේ. රාජපක්ෂ මහතායි. මෙම පාසල 1958.01.01 දින රජයේ ඉංග‍්‍රීසි සීනියර් විදුහලක් බවට පත් විය. මෙම වකවානුවේ කණිටු විදුහලේ විදුහල්පති වශයෙන් සේවය කළේ ඞී. ඇම්. අතපත්තු මහතායි.
1971 දී එච්. කේ. රූපසිංහ මහතා විදුහල්ති ධුරයට පත් වූ අතර 1971.10.01 දින කණිටු විදුහල මහ විදුහලට ඒකාබද්ධ කරන ලදී. මෙම වකවානුවේ ගුරු දෙගුරු සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය ක‍්‍රියාශීලි වීම, උසස් පෙළ පන්ති ආරම්භය පානීය ජල පහසුකම් ලබා ගැනීම, නිවාස ක‍්‍රමයක් ඇති කිරීම, සිංහල සංගමයක් හා ක‍්‍රියාශීලි ශිෂ්‍ය නායක ක‍්‍රමයක් සංවිධානය කිරීම වැදගත් සිදුවීම් වේ. මෙකල ශිෂ්‍ය සංඛ්‍යාව 765 ක් වූහ. ගුරු සංඛ්‍යාව 28 ක් විය. එසේම උඩගම විමලචන්ද්‍ර මහතාගේ පරිත්‍යාගයෙන් පුස්තකාලයක්ද මෙකල ඇති විය.


      මෙසේ විදුහල්පතිවරු 18 දෙනෙකු පමණ පාලනය කල අතර සුජාතා මාතරආරච්චි මහත්මියගේ සේවා කාලයේදී මෙම පාසල නැවතත් ඉසුරු පාසල් සංකල්පය යටතේ ප‍්‍රාථමික හා මහ විදුහල වශයෙන් 2009.07.31 දින වෙන් කරන ලදී. මෙම ප‍්‍රාථමික විදුහලේ ආරම්භක විදුහල්පතිනිය වුයේ ආර්. ඒ. දනවතී මහත්මියයි. මේ අවස්ථාවේදී ප‍්‍රාථමික අංශයට හිමි වුයේ ගොඩනැගිිලි 3 කි. මෙයින් දෙමහල් ගොඩනැගිල්ල නිමවා නොතිබුණු අතර එහි පහත මාලය පමණක් නිමවා තිබුණි. එසේම පාසලට එකදු වැසිකිලියක්තවත් නොලැබුණි. කාර්යාලයක්, බුදු මැදුරක් නොතිබුණු අතර, කබඞ් මේස පුටු ආදියෙහි දැඩි හිඟයක් තිබුණි.


      වර්තමානය වන විට මෙම පාසලේ දෙමහල් ගොඩනැගිල්ල නිමවා තිබෙන අතර විශාල වැසිකිලි පද්ධතියක් ලැබී තිබේ. මිල්ටන් පෙරේරා මැතිතුමන්ගේ ආධාරයෙන් බුදු කුටියක්ද අපට හිමි විය. පස සෝදායාම වැලැක්වීම සඳහා බැමි දෙකක්ද බන්දවා තිබේ. පාසල් ගීතය නිර්මාණය, පාසල් කොඩිය නිර්මාණය සහ නිල ලාංජනය නිර්මාණය මෙම පාසල ආරම්භයේදීම සිදුවිය.

පාසල් දැක්ම


සොබා දහමට ආදරය කරන, අපගේ සංස්කෘතික උරුමයන් හා සාරධර්ම සුරකින නිර්මාණශීලි දරු කැළක් ලොවට දායාද කිරීම

පාසලේ මෙහෙවර


දු දරුවන්ගේ අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා හා අභිමත නිපුණතා සාක්ෂාත් කර ගැනීමට සහාය වෙමින්, දැයේ අභියෝග හමුවේ නොසැලී සිටින, පරිසරයට ආදරය කරන, මෛත‍්‍රිය, කරුණාව දයාව වැනි උතුම් මානුෂීය ගුණාංග හා අපගේ සංස්කෘතික හරයන් අගය කරන අභිමානවත් පරපුරක දු දරුවන් ලෙස ශක්තිමත්ව, අනාගත ලෝකය තම දැනුම, ආකල්ප, කුසලතා වලින් නිර්මාණය කළ හැකි සමබර පෞරුෂයකින් යුත් දරු කැළක් ලොවට දායාද කිරීම අපගේ මෙහෙවර වේ.


වර්තමාන තත්ත්වය


      වර්තමාන විදුහල්පතිනිය වන ආර්. පී. සී. රත්නසීලී මෙනවිය 2011.12.01 දින වැඩභාර ගන්නා ලද අතර ඇය මෙම ප‍්‍රාථමික විද්‍යාලයේ දෙවන විදුහල්පතිනියයි. අද සිටින ගුරු මණ්ඩලය 14 ක් වන අතර සිසු කැළ 411 කි. මෙම කාල වකවානුවේ ප‍්‍රතිඵල වල අඩුවක් නොවු අතර පැවති තත්ත්වයෙන් පවත්වාගෙන යාමට සමත් විය.

      එසේම විෂය සමගාමී ක‍්‍රියාකාරකම් වශයෙන් ක‍්‍රියාකාරකම් රැුසක් පවත්වාගෙන යාමද සිදු වන අතර ඒවා පහත පරිදි පෙළගැස්විය හැක.
            1. කිටී වැඩසටහන.
            2. ගෙවතු වගා වැඩසටහන.
            3. මල් වගා කිරීම.
            4. පෙර පොහොය වැඩ සටහන.
            5. සෙමින් ඉගෙන ගන්නා දරුවන් සංවර්ධනය.
            6. සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහන.
            7. 1-5 සිසුන්ගේ නිර්මාණාත්මක හැකියා සංවර්ධනය.
            8. දෙමළ භාෂාව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
            9. 1-2 ශ්‍රේණි ඉංග‍්‍රීසි භාෂා දැනුම සංවර්ධනය වැඩසටහන.
            10. 3 ශ්‍රේණිය කියවීම් කඳවුර.
            11. ක‍්‍රීඩා හැකියා සංවර්ධනය.


      එදා මෙදා තුර මෙයින් බිහි වු විශිෂ්ටයන් අතර කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හෙන්රි වීරසිංහ මහතා සහ ශ‍්‍රි ලංකා වොලිබෝල් ජාතික කණ්ඩායමේ හිටපු නායක කාලික වසන්තප‍්‍රිය මහතා ද දැක්විය හැක.

 

tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |