- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

sinhalatamilengsiyabas

 

 

 

- කාලීන පුවත් -

- හෝමාගම අධ්‍යාපන කලාපය ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් සන්නිවේදන කටයුතු අරඹයි -

2017 වර්ෂයේ සිට හෝමාගම අධ්‍යාපන කලාපයේ සන්නිවේදන කටයුතු සියල්ල ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ට පරිවර්තනය කිරීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා යෝජනා කොට ඇත. ඒ අනුව එහි පසු බිම සැකසීම සඳහා පුහුණු වැඩමුළු කිහිපයක් පසුගිය දා පවත්වන ලදී. මේ සඳහා සැලසුම් අධ්‍යක්‍ෂතුමා ද  විශාල කැප කිරීමක් දක්වනු ලැබීය. එහි දී කලාප කාර්යාලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය, කාර්ය මණ්ඩලය, විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා ඇතුලු විද්‍යාලයන්හි කාර්ය මණ්ඩල පුහුණු කරන ලදී.  

   p_2

p_3

p_4

p_5

- දැක්ම -

රටේ සංවර්ධනයට දායක කළ හැකි නිපුණතාවලින් පිරි මව්බිමට ආදරය කරන ගුරු සිසු පරපුරක්

 

- මෙහෙවර -

නිපුණතාවයන්ගෙන් හෙබි මානව සම්පත හා සීමිත භෞතික සම්පත් මනා කළමනාකරණයෙන් යුතුව කලාපයේ පාසල් පද්ධතියතුළ උපයෝජනය කරමින් සදාචාර සම්පන්න වූ පූර්ණ පෞරුෂත්වයකින් යුත් මානව සම්පත රටට දායාද කිරීම

 

 

- කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමාගේ පණිවුඩය -

dir

    හෝමාගම අධ්‍යාපන කලාප‍යේ ප්‍රධාන අරමුණ වන්නේ කලාපය තුළ අධ්‍යාපන පද්ධතිය කාර්යක්‍ෂම ව හා ඵලදායීව පවත්වාගෙන යමින් පාසල් දරුවන්ගේ දැනුම වර්ධනයකරමින් ඔවුන් ආකල්ප හා කුසලතාවලින් පරිපූර්ණ, විශ්වයට ගැලපෙන දරුපිරිසක් ලෙස නිර්මාණය කිරීමයි. මෙම කාර්ය සාර්ථක කරගැනීමට අධ්‍යාපන පද්ධතියේ විවිධ ස්ථර නියෝජනය කරන සියළුම දෙනාට කාලීන තොරතුරු ඉතා වැදගත් වේ. මේ නිසා හෝමාගම අධ්‍යාපන කලාපයේ කාර්යක්‍ෂම අධ්‍යාපනික තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මතුවී ති‍බේ. 
      මෙම අවශ්‍යතාවයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හෝමාගම කලාපයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය කලාපීය තොරතුරු ජාලය ශක්තිමත් කිරී‍මේ මූලික පියවරක් ලෙස මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම සතුට ගෙන දෙන්නකි. 

      මෙම වෙබ් අඩවිය මඟින් හෝමාගම කලාපය තුළ අධ්‍යාපනික තොරතුරු පද්ධතිය සක්‍රීය කිරීමත් එමගින් අප කලාපයේ මෙන්ම පළාත් මට්ටමේ හා අමාත්‍යාංශ මට්ටමේ නිළධාරින් ඇතුළු සියලු ‍දෙනාටද බාහිර ආයතනවලට ද අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබා ගත හැකිවනු ඇතැයි විශ්වාස කරමි.

      පී. ඩී. වීරසූරිය 
      කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ 


tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |